À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූවැනි කොටහා

A+ A-

මෙරුම් පාට ලොකු හාමු දුන්නු අත් දිග කමිසෙට සුදු කලිසම ඇදලා ඔරලෝසුවත් අතේ බැද ගත්තෙ ලෑස්ති වෙන මයෙ හාමු මහත්තය දිහාටත් බැල්මක් දාලා. එයත් ලොකු හාමු දුන්නු සුදු අත් දිග කමිසෙට තද අළු පාට කලිසම ඇදලා කොන්ඩේ ගාන ක්‍රීම් එක ගානවා.

” නුරාද එන්න ලෑස්ති කරවන්න “

“………. “

කොහෙද ඉතින් පැටියාට නින්ද ගිහිල්ලා  පුංචි පුටුවෙම. ඔලුව උඩට හරවන් ගොරොව ගොරව නිදි. පාන්දර තුනටත් කිට්ටුයි. පාන්දරම අපි කොළඹ යන්න කියලා. පැටියා නම් ඊයේ උදේ ඉදලා එයාගේ චූටි වලස්‌ පැටියව ලෑස්ති කරනවා කොළඹ යන්න . ඇදන් යන ඇදුම් හරි ගස්ස ගන්නවා. ඒවුනාට දැන් නිදි.

” හාමු නැගිට්ට වන්න ඕන්නෑ දරුවා. මගින් ලෑස්ති කරමු පැටියව “

” මන් ජේසිය දාන්නම්. සීතළයිනේ “

මන් නුරාදව ඔක්කට ගනිද්දී හාමු පැටියගේ ලා රෝස පාට ලොකු ඌල් ජේසිය දාලා ඌල් තොප්පියත් දැම්මා. පැටියා නම් හොදටම නිදි කිරනවා.

” තූ ති  අප් ප ත්ති දෝ ම් ම “

” ශ් ශ් හරි හරි මයෙ වස්තුව නිදා ගන්න හාද..  ආයේ කරදර කරන්නෑ “

ලොකු බෑග් මල්ල හාමු අරන් වාහනේට නගිද්දී මන් පැටියව ෂීට් එකෙනුත් පොරවන් වාහනේ ඇතුළට නැග්ගා.

උදේ හත වෙද්දී අපි ආවෙ අනාථ නිවාසේ ගේට්ටුව ළගට. තාම ඒ විදිහමයි. හාමු මහත්තයා මුර මාමටත් කතා කරලා වාහනේ ඇතුළට අරන් ලොකු කොට්ටම්බ ගහ ළගින් නතර කරා. ඉස්සර අපි පොඩි කාලේ කොට්ටම් බා තලලා මදේ කනවා.

” බහින්න අදහසක් නැද්ද. දෙන්න නුරාදව මන් ගන්න “

” අයි ඒ……  මන් තූති අප්පත්ති අතේ ඉන්තම් අයියූ….. පත්තේ එන්තම් මන් මදේ අප්පත්ති ළදත හාත.. “

” නුරාද පැටියෝ ඔයාට මල්ලියෙක් බලන්න ආවා කියලා කාටවත් කියන්න බෑ හරිද . එහෙම වුනොත් මල්ලියෙක් ගන්න වෙන්නෑ. පැටියා එයාට කැමති නැතත්ම් අප්පච්චිට කියන්න හාද “

හාමුයි මායි කැමති වුනාටම බෑ නෙ. ළමයා කැමති වෙන්න එපැයි. මන් නුරාදගේ අතිනුත් අල්ලන්   ලොකු කේක් පෙට්ටි තුනක් දාපු මල්ල අනිත් අතින් මන් එල්ල ගත්තා . හාමුගේ අතෙත් කේක් පෙට්ටි තුනක් දාපු ලොකු මල්ලක් තියෙනවා.

” මගෙ දෙයියනේ කොල්ලෝ…. උබව දැක්ක කල්. අම්මේ හිටියට වඩා සුදු පුතා දැන් ගොඩක් උස ගිහිල්ලා වෙනස් වෙලානේ. මට ඈතින් එද්දි අදුරන්නත් බැරි වුණා දෙයියෝ…. “

” ලොකු මැඩම්ගේ නම් කිසිම වෙනසක් නෑ. හැබැයි ටිකක් ලස්සන වෙලා “

ඈතින් කොරිඩෝ එක ළගට වෙලා මේ පැත්ත බලන් හිටපු ලොකු මැඩම්ගෙ ළගට ගිහිල්ලා මන් දණ ගහලා වැන්දා. ලොකු මැඩම්ගේ මූණ හිනාවෙන්ම පිරිලා ගිහිල්ලා මාව දැක්කත් හරි .

” අනේ අනේ කොල්ලෝ උබත්. දැන් ලොකු මහත්තයෙක් වගේනේ පේන්නෙ. කවුද මේ චූටි කෙලි පොඩ්ඩ ආ…. “

ලොකු මැඩම් මගෙ පිටිපස්සට වෙලා හිටපු පැටියවත් ළගට අරන් එහෙම අහද්දී පැටියා ලැජ්ජාවෙන් බැලුවේ මගෙ දිහා. ලොකු රෝස පාට ඌල් ජේසිය දාලා හින්දා පැටියගේ ඇදුම පේන්නෙත් නෑ නෙ. බෙල්ල ළගට වෙනකම් දිග කඩා හැලෙන කොන්ඩෙයි මූණයි අතේ පුංචි ඇගිලි ටිකයි පේන්නෙ. මන් ඊළගට කිව්ව‍ දේත් එක්ක ලොකු මැඩම් ඇසුත් ලොකු කරන් බැලුවේ මගෙ එහා පැත්තේ හිටන් ඉන්න හාමු දිහා.

” හාමුගේ පුතා ලොකු මැඩම්. වීරන්කෙඩුව ලොකු වලව්වෙයි පොඩි වලවවෙයි චූටි හාමු “

මැඩම් අපිව එයාගේ කාමරේට එක්ක ගිහිල්ලා ගොඩාක් විස්තර ඇහැව්වේ හාමුත් හොදට මැඩම්ට කතා කරද්දි. අපි ගැන නම් මැඩම්ට කියද්දී ගොඩක් පුදුම වුණා. හැබැයි ඊට වඩා සතුටු වුණා මට හොද පවුලක් ලැබිච්ච එකට.

” මැඩම් මල්ලිලා ඔක්කොමලාම ඉන්නවද “

” අප්පේ පුතා ඕන් ඉන්නවා. හැබැයි පුතා ගියත් හරි ළමයි ටික දෙනෙක්ව හදා ගන්න අරන් ගියා පුතා. මන් ගොඩක් විශ්වාස කරන අදුරන අයම තමයි අරන් ගියෙ. එහෙම දුන්නට මොකද මන් හොයලා බලන්න යනවා පොඩ්ඩක් හරි ඒ ළමයිගේ ගෙවල් වල ලිපින හොයා ගෙන “

අනේ අර පොඩි එකාවත් දීලද දන්නෑ. මගෙ හාමුගේ මූණත් ඒක අහලා ටිකක් අවුල් වුණා.  ඒත් මන් ලොකු මැඩම්ගෙ න් ඔකිත ගැන අහන්න ගියෙ නෑ දැන්.

” මැඩම් මට පොඩි අයට කතා කරන්න පුළුවන්ද. එයාලට පොඩි කෑමකුත් ගෙනාවා මන් “

දැන් නම් අටත් පහු වෙලා හින්දා ඔක්කොමලාම උදේට කාලත් ඇති. මට පොඩි උන්ට කතා කර ගන්න පුළුවන් වුනොත් ඔකිතව බලන්න පුළුවන්.

” ඒක අහන්නත් දෙයක්ද ළමයෝ. මන් ඉන්නකෝ බෙල් එක ගහන්න. ඉස්සරහ ලොකු මේසෙට එයි ළමයි ටික “

ලොකු මැඩම් බෙල් කරලා විනාඩි දහයක් යන්න කලින් ළමයි පහළට ආවත් හරි මගෙ ඇස් හෙව්වෙම පුංචි එකාව. පපුව වේගෙන් ගැහෙනවා. නෑ එයා පේන්නවත් නෑ. අදුරන මූණු අතරේ අදුරන් නැති මූණු ටිකකුත් තිබ්බා. මාව අදුර ගත්ත හැටියේ කලින් මගෙ කාමරේ හිටපු මල්ලිලා හතර දෙනයි අදුරන කීප දෙනෙකුයි ඇවිල්ලා මාව බදා ගත්තෙ මගෙ ඇස් වලිනුත් කදුළු කැට පෝලිම් පිටින් වැටෙද්දි. මට ඒ වෙලාවේ ආවේ එක සිතුවිල්ලයි.

මේ මගෙ ඇගේ එල්ලුනු පැටව් ටික ඔක්කොමලාම අරන් යන්න තිබ්බා නම්. මන් කොහොමද මුන් අතරින් තෝරලා බේරලා අර ළමයව විතරක් අරන් යන්නෙ.

” අපි හිතුවේ සුදු අයියට අපිව අමතක වෙලා කියලා “

” ඇයි බලන්න ආවෙ නැත්තේ “

” අයියා ගොඩක් වෙනස් වෙලා. ලස්සන වෙලා “

හාමුයි නුරාදයි පැත්තකට වෙලා අපි ටික දිහා බලන් ඉද්දි මන් එක එක්කෙනාව බදන් ඉම්බා.

” ඒකනේ…. සමාවෙන්න මගෙ චූටි මල්ලිලා ටිකව කලින් බලන්න ආපු නැති එකට. ආයේ මන් ඔයාලව බලන්න එන්නම්කෝ හාද “

” අනිවාරෙන් එන්න ඕනී හරිද. ඒත් ඔයා ආයේ එද්දි මාව බලන්න වෙන්නේ නැති වෙයි සුදු අයියට “

” ඇයි “

මන් මූණත් රැලි කරන් ඇයි කියලා අහද්දී එයා හිනා වෙලා මාව බදා ගත්තා.

” හෙට මාව මෙහෙන් අරන් යන්න අම්මා කෙනෙකුයි අප්පච්චි කෙනෙකුයි එනවා කිව්වානෙ අයියේ “

මගෙ කාමරේ අට වසරේ හිටපු පුංචි කොල්ලා උඩ පැන්නා සතුටින්. අනිත් ළමයින්ටත් ගොඩක් සතුටුයි . මගෙ හිත තාම කලබලයි. කොහොමද මන් අරහෙම කරන්නේ. හදා ගන්න ළමයා තෝර ගන්නේ කොහොමද. මුන් ඔක්කොමලගෙම මූණු බලන් කොහොමද අර ළමයව ගන්නෙ. 

අවසානෙට හිත දැඩි කරන් වුණත් මන් ලොකු මැඩම් එක්ක කතා කරන්න ටිකක් එහාට්ට ගියා.  මගෙ හාමු මහත්තයයි කාමරේ හිටපු මල්ලිලා හතර දෙනයි එකතු වෙලා කේක් කපනවා. මන් කොච්චර බලන් හිටියත් ඔකිත ආවෙ නෑ. අඩුම තරමෙ එයාගේ පුංචි යාලුවාවත් පේන්න ඇත්තේ නෑ.

” පුතා මොකක් හරි ප්‍රශ්නයකද ඉන්නෙ ම්… මාත් එක්ක කතා කරන්න දරුවෝ බය වෙන්න එපා.  උබ මේන් මෙච්චර කාලේ ඉදලයි මයෙ අස්සේ හැදුනේ…. “

” මේ ඉන්න හැම ළමයෙක්ගෙම අම්මා ඔයා තමයි ලොකු මැඩම්. මන් මෙහෙම අහන එක හරිද මන්දා “

මැඩමුයි මායි ටිකක් දුර ඇවිදන් ඇවිල්ලා ලොකු ලී බැංකුවක වාඩි වුනත් හරි මන් ඇහැව්වේ ඔකිත ගැන. ඉස්සර ඉදලම සුදායියෙ කියාගෙන මගෙ ළගින්ම හිටපු පුංචි කොල්ලා ගැන. කොන්ඩේ කපද්දී සකබඹරේ වගේ කැරකෙන්නේ පොඩි එකා.

” අනේ දරුවෝ පෙරේදා මගෙ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් ඇවිල්ලා ඔකිතයි ඒ දරුවගේ යාලුවා නෙතිදුයි දෙන්නම හදා ගන්න අරන් ගියා නෙ. මාසෙකට කලින් ඔකිත පුතාව අරන් යන්න තමයි එයාලා හිටියෙ. ඒ දෙන්නට ළමයි නැති නිසා දෙන්නම අරන් ගියා දරුවෝ “

දෙයියනේ මට කලින්ම එන්න තිබ්බා. දැන් මොකද කරන්නේ. ආයේ මන් අදුරන ළමයි ඇත්තෙත් නෑ. අට වසරේ පොඩි එකාව අරන් යන්න හෙට එනවලු. උසස් පෙළ කරන දෙන්නා කොහොමද මන් දරු කමට අරන් හදා ගන්නෙ.. එක්කෝ නුරාදගේ වයසෙ වෙන්න ඕනී නැත්තම් ඊට වඩා බාල වෙන්න ඕනී.

” දරුවෝ නිලූෂ….. ඇයි හදිස්සියෙම ඔකිත ගැන ඇහැව්වේ “

” මැඩම් මන් ඔකිතව හදා ගන්න අරන් යන්නම් කියලා අද ආවෙ “

හාමුයි මායි අනිත් පැත්තේ බංකුවේ ඉදන් ඉන්න පැටව් දෙන්නා දිහා බැලුවේ.  නුරාද වචන දහයක් කතා කරොත් අර ළමයා වචන දෙකක් කතා කරලා ඉක්මනට බිම බලා ගෙන පුංචි කකුල් දෙක එකට තද කර ගන්නවා. ඒ පැටියත් නුරාදගේම වයස. හැබැයි එයා මාසයක් බාලයි පැටියට වඩා. එයාගෙත් ඉත්තෑ කූරු කොණ්ඩයක්‌. අපෙ නුරාදට වඩා ටිකක් මිටි ඒ පැටියා හාමුට වඩා ටිකක් පාටින් අඩුයි. ඒවුනාට හරි හුරු බුහුටි හුරතල් ලස්සනක් තියෙන්නේ ඒ දරුවට. එයත් දවස් හතරකට කලින් මෙහෙ කවුරු හරි දාලා ගිහිල්ලලු. මේ දවස් ටිකේම ඉදලා තියෙන්නේ කෑ ගගහා අඩ අඩ.

” අයි මාලි අයියත ආදේ නාද. බාන්නකු තුත්තක් මන් දියා. මන් කොත්තල ලත්තන ලුකු අයියෙද්ත… ඔලා බා වෙන්ත අපා අලේ… කු බාන්න ඔලා. මදේ දියා බාන්තකු… “

” කු ම් මදේ අම් මා “

ඒ පැටියා මූණත් බෙරි කරගෙන ඇස් වල කදුළු පුරවන් නුරාදගෙන් එහෙම අහද්දී අපෙ පැටියා තව ඒ ළමයා අස්සටම ගියෙ මගෙ මූණේ හීන් හිනාවක් ඇදෙද්දී.

” නිලූෂ දරුවා අරන් හදා ගමු “

” විශ්වාසද මගෙ හාමු මහත්තයට “

මට විශ්වාසයි මේ දරුවා ලොකු උනාමත් වෙනස් වෙන් නැතුව හොද විදිහට ඉදියි කියලා. මට අපෙ නුරාද ගැන නම් බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ. එයාගෙ හිතටම අල්ලලා වගේ.

සසිදු විතරයිලු එයාගේ නම. උප්පැන්න මොකුත් නැති නිසාම එහෙන් ළමයට උප්පැන්නෙකුත් හදන්න ඕනී. ලොකු මැඩම්ටත් කතා බහා කරලා පොඩි උන්ටත් ආයේ කතා කරලා අලුත් සාමාජිකයා එක්ක එදා හවසම අපි නුවර වලව්වට ආවා. ඒ දරුවගෙ නම් වැඩිය කතාවක් ඇත්තෙම නෑ. ඉදලා හිටලා අඩන්න ගත්තත් අපේ නුරාද එයාගේ චූටි මාලියාට එක එක එව්වා කියලා රවට්ට ගන්න බලනවා.

              💥💥💥💥💥💥💥

අට කිට්ටු කරලා නැගිට්ට මන් ඉක්මනට එළියට දිව්වේ බොක්ක පිපෙරෙන්නඔන්න මෙන්න වගේ තියෙන නිසා.  තාම ටිකක් ඇග පත රිදෙනවා වගේ ටිකක්. මූණ කටත් හෝදලා මන් ඉස්සරහ එළියේ ඉස්තෝප්පුව ළගට ගියෙ කිරි බෝතලේ ගන්න.

” අයියෝ මන් කොයි වෙලේ හරි වැටෙනවා. කෝ කෝ රත් කරලා දෙන්නම් ඉතින් “

තුන් දෙනාම පිස්සුවෙන් වගේ කෑ ගහනවා මගෙ කකුල් වල එල්ලිලා.  ඊයේ රෑ දුන්නු බත් ටිකත් ඔක්කොම කාලා. ලිප පත්තූ කර කර හිටියත් හරි මන් හිටියෙ වෙන කල්පනාවක. ඒත් එක්කම මයෙ පිටිපස්ස පොඩි පාරක් වැදුනු නිසා මන් ගැස්සුනා. බැලින් නම් අපෙ චූටි මැණික. එයාට සීතළ හින්දද කොහෙදෝ ෂීට් එකෙන් මුළු ඇගම පොරව ගෙන.

” අහ් දෙයියනේ පැටියෝ මන් බය වුණා. ඇයි චූ බරයිද “

” බෝ ”

” ඉන්න පැටියට ලා උණු වතුර එකක්ම දෙන්න “

මැටි කලෙන් කෝප්පෙට දා ගත්තු වතුර එකට උණු වතුර බෝතලෙන් උණු වතුර කවලමුත් කරලා හාන්සි පුටුවේ ඉදගෙන ඉන්න එයා ළගට ගිහිල්ලා දුන්නා.

” බඩගිනිද චූටි මැණිකෙට ම් “

” නා “

කිරි එකත් පැහී ගෙන එන නිසා නිදිගෙන ඉන්න ඩබලට නැගිට්ටුවා නම් හරි.

” නුරා……ද නුරා….ද චූටි මැණිකෙ එක්ක එන්න බත් කන්න. නුරා….. ද  “

” එනෝ….. එනෝ… “

මගෙ නිලූෂ පරිප්පුවක් හදලා ගද්දි මන් බිත්තර ගෙඩි හතරක්‌ තැම්බෙන්න තියලා බණ්ඩක්කා ටිකක් තෙලේ දැම්මා.

” හාමු චූටි මැණික ඇඩුවද උදේ “

” ටිකක් විතර. කිරි එක බොන්න දුන්නට පස්සේ නම් හරි හැබැයි “

දවසින් දවස සතියක්ම විතර ගියාට පස්සේ චූටි මැණිකත් ටික ටික අපිට හුරු වුණා. හැබැයි ඉස්සර වගේම වැඩි කතාවක් නෑ. මන් එයාවත් නුරාදගේ මොන්ටසෝරියටම භාර දුන්නේ මිස්ට මන් ගෙදරදි එයාට උගන්නනම් කියලා.

” සර් විවේකයෙන් පස්සේ සර්ට හිස් පීරියඩ් එකක් නේද තියෙන්නේ”

” ඔව් ලොකු සර්. ඇයි එහෙම ඇහැව්වේ “

මන් පොතේ අත්සනකුත් දාලා යන්න යද්දි පුටුවේ වාඩි වෙලා හිටපු ලොකු සර් මගෙන් එහෙම ඇහැව්වේ මූණත් ලේන්සුවකින් පිහදාලා.

” බලන්න සර් එකොළහ වසර ළමයෙක්ගෙ තාත්තා කෙනෙක් නැති වෙලා. එකොළහේ ළමයි ටිකව එක්ක යන්න ගුරුවරු පස් දෙනෙක් හොයා ගන්න එපැයි. සර්ට පුළුවන්ද පොඩ්ඩක් ඒ ළමයි එක්කලා එකොළහමාරට විතර ගිහිල්ලා එන්න  “

” සර් යන්න කැමති. ඒවුනාට ළමයි දෙන්නව ගන්න එපැයි මට “

” ආ මට අමතක වුණා නෙ. කමක් නෑ සර්. මන් වෙන ගුරුවරයෙක් බලන්නම්කෝ “

මන් ඉක්මනට ආවෙ දැන් උගන්නන්න තියෙන පන්තියට. දොළහ වසර ළමයිගෙ නම් තාම කිසිම උනන්දුවක් නෑ. ජනවාරි වෙද්දි වත් විභාගේ උණ ගැනුනොත් හොදයි. එතකොට අපිට වඩා ඒ ළමයින් හරි උනන්දුයි පාඩම් ටික කොහොම හරි ඉවර කර ගන්න.

” ළමයි මේ සැරේ අයියලා අක්කලාගෙ පේපර් අරන් බැලුවද ආ…. “

” බැලුවා සර්.. පේපරේ ටිකක් අමාරුයි “

ඔව් ඉතින් මේ ළමයි දන්නේ නෑ නෙ මන් අනුමාන කරපු රචනා ප්‍රශ්න දෙකක්ම ඇවිල්ලා කියලා.

” හොදට මන් උගන්නන්න ටික පාඩම් කරා නම් එහෙම වෙන්නේ නෑ. මේ වෙලාවෙම උගන්නන්න දේවල් කොහොම හරි ඔලුවට දා ගන්න. හරි දැන් කට්ටියම පස් වෙනි පාඩම බලා ගන්න “

මේසේ පුංචි පෙට්ටියේ තිබ්බ හුණු කූර අරන් මන් ගියෙ කළු ලෑල්ල ළගට.

” අප්පත්ති මාලිත තමහල අකුලු බා නෙ.  තීත කුව්වා මෙලාත ගුදත් මාන්ති වෙන්ත කීලා “

” චූටි මැණිකට පුළුවන් හොදට ඉගෙන ගන්න. ඉන්නකෝ මන් වලව්වට ගිහිල් ලා මල්ලිට උගන්නන්න “

චූටි මැණිකෙටත් නුරාදගේ වගේම වලස් බෑග් එකක් තමයි අරන් දුන්නේ. වෙලාව කට නුරාද එයාගේ චූටි මල්ලි කියලා ඔක්කෙත් තියා ගෙන ඉන්නවා.

” ආ ඕම ඉන්ත අපා. කු හුදත ඉනා වෙන්ත ඕලි. ලුකු අයියා වදේම මාලියා ඉන්ත ඕලි…. සාහුල් අයියත් හුදයි නේද ඈ තූති මනිත “

” ඕ.. “

” ඒත තමා සාහුල් මදේනෙ. එලා ඔලාතත් ආදලේ දන්. හබයි ඔලා එලාත කතා කලන්ත ඕලි හාද “

” ආ…. “

දෙන්නවම අත් දෙකින්ම දෙපැත්තෙන් අල්ලන් මන් ඉක්මනට ආවෙ උගන්න උගන්න හිටපු පන්තියට. මයෙ නිලූෂ මොනා කරනවද දන්නෑ. අද පස් දෙනාම කලුවිල්ලට යනවා කිව්වානෙ .

” හරිද ළමයි ගාණ හදලා ඉවරයි නම් පොත් ටික ගේන්න බලන්න මට. පිටිපස්සේ පෝලිම ගේන්න බලන්න පොත් ටික “

මන් වාහනෙත් නතර කරලා දෙන්නටම ඇතුළට වෙලා ඉන්න කියලා ආවෙ කඩේට. සීනියි දියර කිරි එකකුයි ගන්න. පිටි කිරි එකට වඩා දියර කිරි හොදයි රසයි. යොදෙත් හොදට තියෙනවා. දියර කිරි මාස දෙකක් තියා ගන්න පුළුවන් ශීතකරණේ දාලා.

” මට මේ යෝගට් හතරකුත් දාන්න “

” මොනාත මාලිතයි මතයි ගෙලාවේ ඈ අප්පත්ති… “

” ගෙනාව ගෙනාවා. හැබැයි දැන් කන්න බෑ.  ගෙදර ගිහිල්ලා බත් කෑවට පස්සේ තමයි දෙන්නෙ දෙන්නටම “

අප්පේ ඉස්සරහ මිදුලේ ලී පුටු ටිකේම කොළ වැටිලා. හුළං නිසා අතු ගෑවත් ආයේ ටිකක් වෙලා යද්දි අතු ගෑවේ නෑ වගේ.

මන් හවස් වරුවෙ හෝරා දෙකක් විතර යනකම්ම චූටි මැණිකෙට අකුරු ලියන්න ඉගැන්නුවා. නුරාදට වඩා සෑහෙන්න කියලා දෙන්න ඕනී ළමයට .

” මන් කිරි එකක් වක් කරන කම්  වස්තු.. චූටි මැණිකෙට මේ ටික කියලා දෙන්න “

කේතලේ පැහෙන හඩ ආවත් හරි මන් ගියෙ කුස්සියේ පැත්තට. අද රෑට නම් වහියි වගේ මන්දාරම. පෙණ එන්නම කිරි එකත් නිවලා දෙන්නගේ කෝප්ප දෙකටත් දැම්මා. බබා විස්කෝතුත් ඉවර වී ගෙන එන්නෙ.  චූටි අප්පච්චි කනකොට දෙකක්ම කනවනේ.

” ලොකු මැණිකෙයි චූටි මැණිකෙයි ආ දෙන්නගේ කුක්කු කිරි දෙක බොන්න විස්කෝතු කාලා “

” අප්පේ අප්පත්ති කාතුන් යනෝත කෝදෝ. බාන්න පතියත අමතත වුනා අලේ “

පැටියා පටස් ගාලා නැගිටලා ටීවී එක දාන්න යද්දි චූටි පැටියා මේසේ එයා ලිය ලිය හිටපු පොත් ටික අහුරලා පැන්සලයි මකනෙයි පැන්සල් පෙට්ටියට දානවා. මොනා නැතත් මේ දරුවා තනියම එයාගේ වැඩ ටික කර ගන්නවා. මුල් දවස් වල එයා ඇදපු කලිසම පවා එයාට පුලු පුළුවන් විදිහට හෝදනවා. මන් ආයේ ඒ දරුවට හෝදන්න දුන්නෑ. තාම පොඩීනේ. දෙන්නෙ මොනාද සම්බෝලයි බතුයි හරි කනවා. අපෙ පැටියටනෙ පරිප්පු නැත්තම් උගුරෙන් පහළට යන් නැත්තේ.

” මොනාද හදන්නේ…. “

” ඔයා ආවද… බයික්‌ එකේ සද්දෙ වත් ඇහුන් නෑ නෙ. මන් බලාගෙන ඉදලා ඉදලා ආවෙ කුස්සියට “

” චූටි මැණික කොහොමද හාමු. පැටියා රණ්ඩු කර ගත්තෙ එහෙම නෑ නේද “

” නෑ නෑ ඔය දෙන්නා හොදට ඉන්නේ. පොඩ්ඩක් දරුවව උනන්දු කරලා ගන්න කිව්වා පෙර පාසලේ ටීච නම් එච්චරඉතින් “

” එහෙනම් කමක් නෑ. මන් ඉක්මනට ඇග පත හෝදන් එන්නම්.  කොත්තමල්ලි එකක් වක් කරනවද “

මගෙ නිලූෂ කුස්සියේ පැත්තෙන් එළියට ගියත් හරි එයා ආයේ ඉක්මනට මගෙ ළගට ආවෙ භාගෙට ගලවපු ඇදුන් පිටින්මයි.

” හාමු ටෝච් එකක් ගේන්න ඉක්මනට “

” ඇයියෙ… à·„ රි හරි මන් ගේන්නම් “

තිබ්බ ටෝච් දෙකම මන් අරන් ගියෙ කුස්සියේ පැත්තට. මන් දෙන්න කලින්ම ටෝච් එක අර ගත්ත නිලූෂ යටකලිසමට උඩින් සරමත් දාගෙන කොච්චි පදුර ළගට ගිහිල්ලා මහ වලව්වට යන පාරට ටෝච් එක ගැහැව්වා.

” ඇයි නිලූෂ මොකද මේ “

” හාමු කෙල්ලෙක් නිකන් වලව්ව පැත්තට යනවා වගේ දැක්කා නෙ “

” කෙල්ලෙක් නෙවෙයි නිලූෂ අම්මා වෙන්න ඇති. එයා ඔහේ නිකන් ඉන්නවා  කියලා අප්පච්චි කිව්වේ “

” නෑ නෑ හාමු ලොකු මැණිකෙ සුදු ඔසරි පොටක් නෙ ඇදන් ඉන්නෙ. මන් එක පාරටම දැක්කේ කෙල්ලෙක්. මූණ පැහැදිලි නෑ. හැබැයි මගෙ දිහා බලන් ඉදලා එක පාරටම පාර දිගේ වලව්ව පැත්තට ගියෙ. මන් අහලා නෑනේ කොල්ලෝ නාන දිහා කෙල්ලෝ බලන් ඉන්නවා.. “

මාත් ටෝච් ගහලා බැලුවා වුණත් කිසිම කෙල්ලෙක් තියා මොන සතෙක් වත් නෑ පේන්න. ආයේ මේ කළුවරේ කොල්ලෙක් නාන දිහා බලන් ඉන්න පිස්සු ඈ.

” ඔයාගෙ හිත වෙන් ඇති මයෙ නිලූෂ. වලව්වේ හොල්මනකට කියලත් ඉන්නේ අම්මා විතරයි. දැන් එයා ඉස්සර වගේ නෙවෙයි හිටියත් නෑ වගේනෙ ඉන්නෙ. ඉතින් එයා පේන්නවත් එහෙම එන්නෑ “

මන් ආයේ ගියෙ එළියේ කුස්සියේ පැත්ත ට. එළියේ කුස්සියේ තමයි පෝරනුව තියෙන්නේ. එළියෙන් ඒකටම අල්ලලා ලොකු වළං මැස්ස.

” තූති මනිත මෙලා ළදත ගන්ත අපා අලේ. හලි නාතයි එලා. ඔලා නූෆි ගන්තකු.. “

” කු… “

” කෝද දන්තා සබයි.. ඉන්තකු තුත්තක් ඔලාද නතන්ත පූවන්ත. මත නම් නතන්ත පූවන් තින්දුත් පූවන් හලු “

“………….”

නිලූෂගෙ ඔක්කේ ඔලුව තියා ගෙන හිටිය මන් අහන් හිටියෙ ඒ දෙන්නගේ කතාව. මයෙ කොල්ලගේ දිග ඇගිලි වල සනීපෙට ඇස් දෙක ඇරන් ඉන්න අමාරුයි. ඇයි දන්නෑ චූටි මැණිකගෙ තාම ඔලුව කහන්නේ. මන් ඉස්සල්ලාම කොල්ලගේ කොන්ඩේ බලද්දී කොන්ඩේ ලේඩි හොදට වහලා. කොල්ලගේ ඔලුවට බේබී සබන් දාලා මන් සුදු රෙදි කෑල්ලකිනුත් අතුල්ලලා නාවලා පිරිසිදු කරලා පුළුවන් විදිහට මන් කොන්ඩේ කොටටම කැපුවා . දැන් නම් එක ලේඩියෙක් නැති තරම් . කොල්ලා ඉස්සර පුරුද්දට තාම ඔලුව කහනවා ඇති. උකුණෝ කාලා තුවාල වෙච්ච තැන් වලට කොහොඹ අඹරලා ගෑවේ දවස් තුනයි ඉක්මනට බාවෙලා ගියා.

” ඒයි බිමින් තියෙනවා මනුස්සයෝ. ඕන් මාව වැටෙයි දැන්. අර ළමයුනුත් බලන් ඉන්නවා “

ලැජ්ජාවේ බෑ. මගෙ ඇස් දෙක පිය වීගෙන ආවත් එක පාරටම නිලූෂ නැගිටලා මාව අත් දෙකට උස්සලා ගනිද්දී නින්ද කොහෙන් ගියාද දන්නෑ. ඇස් ඇරපු හැටියේ මයෙ අත් දෙකත් එතුනේ බයට ඒ කර වටේ. නුරාද නම් අත් දෙකෙන් කට වහන් හිනා වෙනවා. චූටි මැණික නම් ගානක් වත් නෑ. එයා නුරාද ළග ඉදගෙනම නිදි කිරනවා .

” මයෙ හාමු මහත්තය එන්න එන්න ලස්සන වෙනවනෙ. දකිද්දී මට හපාගෙන හපාගෙන යන්න හිතෙනවා. අද චුට්ටක් අපි දෙන්නා යමුද අර කාමරේට “

” ඕනී දෙයක්. හැබැයි ළමයි දෙන්නම නිදා ගත්තට පස්සේ “

එයාගේ මූණේ ඇදුනේ මනමාල හිනාවක්. නිලූෂ මාව ඇදෙන් තියෙලා ඉක්මනට එක්ක ගියෙ ළමයි දෙන්නව ඇදට ගේන්න. නුරාදගේ නම් ඔලුව හරි අත ගාන්න ඕනී නින්ද යන්න. චූටි මැණික නම් අටේ ඉදලා නිදි කිර කිරමයි හිටියෙ නුරාද එක්ක. එයාට කලින්ම නිදි මත එනවා

” ඇයි නැවැත්තුවේ….. “

” දොර ලොක් කරාද “

මන් පොඩ්ඩක් ඔලුව හරවලා බැලුවේ දොර දිහා. ඔව් තමයි මන් ලොක් කරලනෙ තියෙන්නේ. නැත්තම් ළමයෙක් වත් හදිස්සියෙ ඇරන් වත් ආවොත්.

” ඔව්. ඇයි එහෙම ඇහැව්වේ “

” සද්දයක් ඇහුනා. පූසෙක් වත් වෙන්න ඇති “

            💥💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලුලා 🤗

බුදුසරණයි 🙏

අදහස් වලට යාලූලා හැමෝටම ඉස්තුතියි ගොඩාරියක් 🙏🙏❤️

වෝට් කරන යාලුලා හැමෝටමත් ඉස්තුතියි ගොඩාරියක් 🙏❤️

කියෝලා යන යාලුලා හැමෝටමත් ගොඩාරියක් ඉස්තුතියි 🙏❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 83